• Increase font size
  • Default font size
  • Decrease font size

2023-01-16 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
2023 වර්ෂය සඳහා අනුමත රජයේ වියදම් ඇස්තමේන්තුවල පුනරාවර්තන ප්‍රතිපාදන 6%කින් අවුරා තැබීම
- පවතින සීමිත මූල්‍ය අවකාශය තුළ රජයේ වියදම් පාලනය කිරීමට සහ අත්‍යවශ්‍ය හා ප්‍රමුඛ කාර්යයන් සඳහා ප්‍රමාණවත් මුදල් ප්‍රතිපාදන තහවුරු කිරීමට හැකි වන අයුරින් 2023 වර්ෂය සඳහා අනුමත රජයේ වියදම් ඇස්තමේන්තුවල පුනරාවර්තන ප්‍රතිපාදන 5%ක් අවුරා තැබීමට 2023 01 09 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී තීරණය කරන ලදී. එකී තීරණය ක්‍රියාත්මක කිරීම සඳහා මහා භාණ්ඩාගාරය විසින් ගනු ලැබීමට අපේක්ෂිත ක්‍රියාමාර්ග මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍ය වශයෙන් ගරු ජනාධිපතිතුමා අමාත්‍ය මණ්ඩලය වෙත ඉදිරිපත් කරන ලදී. ඒ අනුව, පැවති සාකාච්ඡාවේදී පුනරාවර්තන ප්‍රතිපාදනවලින් 5%ක් වෙනුවට අනුමත රජයේ වියදම් ඇස්තමේන්තුවල පුනරාවර්තන ප්‍රතිපාදනවලින් 6%ක් අවුරා තැබීමටත්, ඉන් 1%කට සමාන ප්‍රමාණයක් අත්‍යවශ්‍ය ඖෂධ මිල දී ගැනීම සඳහා අතිරේක ප්‍රතිපාදන වශයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශය වෙත වෙන් කර දීමටත් අමාත්‍ය මණ්ඩලය විසින් තීරණය කරන ලදී.