• Increase font size
  • Default font size
  • Decrease font size

2023-01-16 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
රජයේ සේවක වැටුප් ගෙවීම
- 2023 වර්ෂය සඳහා වන රජයේ නව ආදායම් යෝජනා ක්‍රියාත්මක කිරීම ආරම්භ කර ඇති අතර, එමඟින් ජනනය වන ආදායම් රැස් කිරීම සඳහා යම් කාලසීමාවක් ගත වන බැවින්, රජයේ මුදල් ප්‍රවාහයේ සීමාවන්ට ගැළපෙන අයුරින් ජනවාරි මාසයේ සිට ඉදිරි මාස කිහිපය සඳහා රජයේ වියදම් කළමනාකරණය කර ගත යුතුව ඇත. ඒ අනුව, විධායක නොවන නිලධාරින්ගේ මාසික වැටුප් නියමිත දිනයන්හිදී ගෙවීමටත්, විධායක නිලධාරින්ගේ මාසික වැටුප් නියමිත දිනට දින කිහිපයකට පසුව ගෙවීමටත්, මහා භාණ්ඩාගාරය විසින් ගනු ලැබ ඇති පියවරයන් පිළිබඳව මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍ය වශයෙන් ගරු ජනාධිපතිතුමා අමාත්‍ය මණ්ඩලයේ අවධානයට ‍යොමු කරන ලදුව, ඒ සඳහා අමාත්‍ය මණ්ඩලයේ එකඟතාව ලබා දෙන ලදී.