• Increase font size
  • Default font size
  • Decrease font size

2023-01-16 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
2022/23 මහ කන්නය සඳහා වන රජයේ වී මිල දී ගැනීමේ වැඩසටහන
- කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ සහ ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුවේ දත්තවලට අනුව 2022/23 මහ කන්නයේදී වී අතිරික්තයක් පැවතිය හැකි බවට වාර්තා වී ඇත. ඒ අනුව, වී ගොවියා මෙන්ම පාරිභෝගිකයා යන දෙපාර්ශ්වයම ආරක්ෂා කිරීම සඳහා සාම්ප්‍රදායික වී මිල දී ගැනීමේ ක්‍රමවේදයෙන් පරිබාහිරව කිසියම් වී ප්‍රමාණයක් මිල දී ගැනීම සඳහා රජයේ මැදිහත්වීමේ අවශ්‍යතාව හඳුනාගනු ලැබ ඇත. පවතින ආර්ථික තත්ත්වය යටතේ හඳුනාගත් අඩු ආදායම්ලාභීන්ට ඔවුන්ගේ ජීවන මට්ටම පවත්වාගෙන යාම සඳහා අමතර සහනයක් ලබා දීමට හැකි වන පරිදි යෝජිත වී මිල දී ගැනීමේ වැඩසටහන ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබේ. ඒ අනුව, හඳුනාගත් පවුල් මිලියන දෙකක් (02) ආවරණය වන පරිදි එක් පවුලක් සඳහා මාසයකට සහල් කිලෝග්‍රෑම් 10 බැගින් මාස දෙකක (02) කාලයක් සඳහා ලබා දීමට හැකි වන පරිදි සුළු හා මධ්‍ය පරිමාණ වී මෝල් හිමියන්ගේ සහභාගිත්වයෙන් දිස්ත්‍රික් ලේකම්වරුන් හා ප්‍රාදේශීය ලේකම්වරුන් මඟින් 2022/23 මහ කන්නයේ රජයේ වී මිල දී ගැනීමේ වැඩසටහන ක්‍රියාත්මක කිරීම පිණිස ගරු ජනාධිපතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.