• Increase font size
  • Default font size
  • Decrease font size

2023-01-16 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
අපනයන හා ආයෝජන ප්‍රවර්ධනය කිරීම සඳහා යෝජිත නියෝජිතායතනය පිහිටුවීම
- එකිනෙකට අනුගත වූ හා ඒකාබද්ධ ප්‍රවේශයකින් ආයෝජන සහ අපනයන ප්‍රවර්ධනය කිරීම සඳහා තනි ආයතනයක් ස්ථාපිත කිරීමේ යෝජනාව 2023 අයවැය යෝජනා මඟින් ඉදිරිපත් කරන ලදී. ඒ අනුව, ආයෝජන මණ්ඩලය සහ අපනයන සංවර්ධන මණ්ඩලය වෙනුවට නව නියෝජිතායතනයක් පිහිටුවීමට සැලසුම් කර ඇත. එකී නියෝජිතායතනය ස්ථාපිත කිරීම සඳහා වන කාර්යභාරය කළමනාකරණ කිරීමට සහ මඟ පෙන්වීම සඳහා අධීක්ෂණ කමිටුවක් පත් කිරීම පිණිස ගරු ජනාධිපතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.