• Increase font size
  • Default font size
  • Decrease font size

2023-01-16 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
සත්‍ය සහ ප්‍රතිසන්ධාන යාන්ත්‍රණය
- දශක 03ක ගැටුම් නිමා කිරීමෙන් අනතුරුව සාක්ෂාත් කරගත් සාමය ඉදිරියට ගෙන යාම සහ සුරක්ෂිත කිරීම පිණිස අර්ථවත් මාර්ගයක් වශයෙන් සත්‍ය සෙවීමේ ස්වාධීන, දේශීය යාන්ත්‍රණයක් හඳුන්වා දීමේ අවශ්‍යතාව පෙනී ගොස් ඇත. ගැටුම් අවසන් වීමෙන් පසුව ප්‍රතිසන්ධානය පිළිබඳ සොයා බැලීම සඳහා ශ්‍රී ලංකාව විසින් ස්වාධීන විමර්ශන කොමිෂන් සභා කිහිපයක් ස්ථාපිත කර ඇත. එකී කොමිෂන් සභාවල නිර්දේශ සම්පූර්ණයෙන් ක්‍රියාත්මක කිරීම සාක්ෂාත් කර ගත යුතුව තිබේ. ඒ අනුව, සකස් කරනු ලැබ ඇති සත්‍ය සහ ප්‍රතිසන්ධාන යාන්ත්‍රණය පිළිබඳ සංකල්පය ක්‍රියාත්මක කිරීම පිණිස අවශ්‍ය පියවර ගැනීම සඳහා ගරු ජනාධිපතිතුමා; ගරු අග්‍රාමාත්‍යතුමා; ධීවර අමාත්‍යතුමා; අධ්‍යාපන අමාත්‍යතුමා; අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍යතුමා; නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යතුමා සහ විදේශ කටයුතු අමාත්‍යතුමා ඉදිරිපත් කළ ඒකාබද්ධ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.