• Increase font size
  • Default font size
  • Decrease font size

2023-01-16 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
සිවිල් ගුවන් සේවා (ගගන යාත්‍රාංගන පරිහරණය කිරීම වෙනුවෙන් අය කරනු ලබන ගාස්තු) නියෝග
- සිවිල් ගුවන් සේවා අධිකාරිය විසින් ශ්‍රී ලංකාවේ ගගන යාත්‍රාංගන සඳහා අය කරනු ලැබිය හැකි ගාස්තු සහ අය කිරීම් නිශ්චය කිරීමේ බලය 2010 අංක 14 දරන සිවිල් ගුවන් සේවා පනතේ 117(2)(q) මඟින් සිවිල් ගුවන් සේවා විෂයභාර අමාත්‍යවරයාට පැවරී ඇත. ගුවන්තොටුපොළවලහි ගගන යාත්‍රාංගන පරිහරණය කිරීම සම්බන්ධයෙන් අයකරනු ලබන ගාස්තු සංශෝධනය කරමින් ඊට අදාළ නියෝග 2022 10 26 දිනැති ගැසට් නිවේදනය මඟින් ප්‍රකාශයට පත් කර ඇත. එසේම, එකී නියෝග යාපනයේ ජාත්‍යන්තර ගුවන්තොටුපොළ සඳහා ද අදාළ කර ගැනීම පිණිස 2022 11 02 දිනැති ගැසට් පත්‍රය නිකුත් කර තිබේ. ඒ අනුව, එම නියෝග පාර්ලිමේන්තුවේ සභාගත කිරීම පිණිස වරාය, නාවික හා ගුවන් සේවා අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.