• Increase font size
  • Default font size
  • Decrease font size

2023-01-16 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
ලෝක බැංකුව විසින් අරමුදල් සපයනු ලැබෙන අන්තර් සම්බන්ධතා සහ සංවර්ධන ව්‍යාපෘතිය සඳහා බදු සහන ලබා දීම
- ආරක්ෂිත, කාර්යක්ෂම සහ දේශගුණයට ඔරොත්තු දෙන සම්බන්ධතාවයක් සැපයීම සහ කෘෂිකර්ම සැපයුම්දාමය ශක්තිමත් කිරීම අරමුණු කර ගනිමින් ශ්‍රී ලංකාවේ තෝරාගත් දිස්ත්‍රික්කවල හඳුනා ගනු ලබන ප්‍රජාවන් සවිබලගැන්වීම සඳහා අන්තර් සම්බන්ධතා සහ සංවර්ධන ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරනු ලබයි. එම ව්‍යාපෘතිය යටතේ මුල් අදියරේදී දිවයින පුරා කිලෝමීටර 3,000ක ග්‍රාමීය මාර්ග සංවර්ධනය කිරීමට සැලසුම් කර තිබේ. පවතින ආර්ථික තත්ත්වය සැලකිල්ලට ගෙන ව්‍යාපෘතිය යටතේ වන විදේශ මුදල් සංරචකය සම්පූර්ණයෙන්ම ව්‍යාපෘතියේ කටයුතු සඳහා යෙදවීමට හැකි වන පරිදි ව්‍යාපෘතියට අදාළ බදු මුදල් ගෙවීමෙන් නිදහස් කිරීම යෝග්‍ය බවට හඳුනාගෙන ඇත. ඒ අනුව, මෙම ව්‍යාපෘතිය බදු ගෙවීමෙන් නිදහස් කිරීම සඳහා සුදුසුකම් ලැබීමට නිශ්චිත ව්‍යාපෘතියක් වශයෙන් මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යතුමා මඟින් ප්‍රකාශයට පත් කිරීම පිණිස ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.