• Increase font size
  • Default font size
  • Decrease font size

2023-01-16 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
ලංකා විදුලිබල මණ්ඩලය සඳහා හම්බන්තොට ප්‍රදේශයෙන් බිම් කොටසක් බදු පදනම මත ලබා දීම
- රජයේ ඉඩම් ආඥාපනතේ 6(1) වගන්ති‍ය යටතේ නාගරික සංවර්ධන අධිකාරිය වෙත පැවරී ඇති හම්බන්තොට කෑලියපුර පිහිටි අක්කර 3යි රූඩ් 1යි පර්චස් 10.65ක ඉඩම් කොටසක්, බදු පදනම මත වසර 30ක කාලයක් සඳහා විදුලි කණු ගබඩා කර තැබීමේ අංගණයක් ලෙස භාවිත කිරීම පිණිස ලංකා විදුලිබල මණ්ඩලය වෙත ලබා දීම සඳහා නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යතුමා සහ විදුලිබල හා බලශක්ති අමාත්‍යතුමා ඉදිරිපත් කළ ඒකාබද්ධ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.