• Increase font size
  • Default font size
  • Decrease font size

2023-01-16 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
ඉන්දියානු විද්‍යා ආයතනයට අනුබද්ධ වායුගෝලීය හා සාගර විද්‍යා මධ්‍යස්ථානය සහ ජාතික ජලජ සම්පත් පර්යේෂණ හා සංවර්ධන නියෝජිතායතනය අතර අවබෝධතා ගිවිසුමක් අත්සන් කිරීම
- පර්යේෂණ හුවමාරු වැඩසටහන්, සාගර සම්බන්ධ ආපදාවන් පුරෝකථනය සඳහා ශ්‍රී ලාංකික විද්‍යාඥයින්ගේ ධාරිතා වර්ධනය සහ මත්ස්‍ය බිම් පුරෝකථනය සඳහා පුහුණුව ලබා දීම වැනි දෙපාර්ශ්වය එකඟවන කාර්යයන් සඳහා ඉන්දියානු විද්‍යා ආයතනයට අනුබද්ධ වායුගෝලීය හා සාගර විද්‍යා මධ්‍යස්ථානය සහ ජාතික ජලජ සම්පත් පර්යේෂණ හා සංවර්ධන නියෝජිතායතනය අතර අවබෝධතා ගිවිසුමකට එළඹීමට යෝජනා වී ඇත. ඒ සඳහා සකස් කරනු ලැබ ඇති කෙටුම්පත් ගිවිසුමට නීතිපතිතුමාගේ නිෂ්කාශනය සහ විදේශ කටයුතු අමාත්‍යාංශයේ එකඟතාව ලැබී ඇත. ඒ අනුව, යෝජිත අවබෝධතා ගිවිසුමට අත්සන් තැබීම පිණිස ධීවර අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.