• Increase font size
  • Default font size
  • Decrease font size

2023-01-16 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
ජාත්‍යන්තර වෙළෙඳ කාර්යාලය පිහිටුවීම
- ජාත්‍යන්තර වෙළෙඳ කාර්යාලය ස්ථාපිත කිරීම සඳහා 2022 10 03 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අනුමැතිය ලබා දෙන ලදී. ආරම්භයේදී එම කාර්යාලය මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යාංශය යටතේ ස්ථාපිත කර පසුව විදේශ කටයුතු අමාත්‍යාංශයට ඒකාබද්ධ කිරීමට අපේක්ෂා කරනු ලබයි. ඒ අනුව, දැනට සකස් කොට ඇති මූලික කෙටුම්පත මත පදනම්ව ජාත්‍යන්තර වෙළෙඳ කාර්යාලය සඳහා වන පනත් කෙටුම්පත සකස් කරන ලෙස නීති කෙටුම්පත් සම්පාදකට උපදෙස් දීම පිණිස ගරු ජනාධිපතිතුමා ඉදිරිපත් කළ යෝජනාව සඳහා අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ලබා දෙන ලදී.