• Increase font size
  • Default font size
  • Decrease font size

2023-01-09 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
ඉදිරි 25 වසර
- ඉදිරි වසර 25 තුළ ශ්‍රී ලංකාවේ ආර්ථික, සාමාජීය, සංස්කෘතික හා දේශපාලන ක්ෂේත්‍රයන්හි අභිවෘද්ධිය සාක්ෂාත් කර ගැනීමේ අරමුණින් පහත සඳහන් ක්‍රියාමාර්ග ගැනීමට අපේක්ෂා කරන බව ගරු ජනාධිපතිතුමා අමාත්‍ය මණ්ඩලය දැනුම්වත් කරන ලදී:

(i) පහත සඳහන් නව ආයතන ස්ථාපිත කිරීම:

* ඉතිහාසය පිළිබඳ ආයතනය
* ආර්ථික විද්‍යා සහ වෙළඳ ආයතනය
* කාන්තා සහ ස්ත්‍රී පුරුෂභාවය පිළිබඳ ආයතනය
* රජය සහ රාජ්‍ය ප්‍රතිපත්ති විශ්වවිද්‍යාලය
* කෘෂි තාක්ෂණ විශ්වවිද්‍යාලය
* දේශගුණික විපර්යාස පිළිබඳ විශ්වවිද්‍යාලය
* ක්‍රීඩා විශ්වවිද්‍යාලය

(ii) පහත සඳහන් කාර්යයන් සඳහා නව නීති හඳුන්වා දීම:

* කාන්තා පනත පිළිබඳ ජාතික කොමිෂන් සභාව
* ස්ත්‍රී පුරුෂ සමානාත්මතා පනත
* කාන්තාවන් සවිබල ගැන්වීමේ පනත
* ළමා ආරක්ෂණ පනත
* දේශගුණික විපර්යාස පිළිබඳ පනත
* සමාජ සාධාරණත්වය පිළිබඳ කොමිෂන් සභා පනත
* වනාන්තර ප්‍රතිරෝපණය සහ වෘක්ෂ ආවරණ පනත
* ජීවමාන අස්ථිත්ව පනත

මහවැලි ගඟ
සිංහරාජය
ශ්‍රීපාද අඩවිය / ජන ශූන්‍ය ශිඛරය
හෝර්ටන් තැන්න
නකල්ස්
ආදම්ගේ පාලම

* සාගර සම්පත් ගවේෂණය සහ කළමනාකරණය සඳහා නීති (සුවිශේෂී ආර්ථික කලාපය / EEZ තුළ)
* මුතුරාජවෙල (සංරක්ෂණය) පනත
* විශේෂ අවශ්‍යතා ඇති පුද්ගලයන්ගේ ආරක්ෂණ පනත

(iii) පහත සඳහන් නව ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම:

* නාගරික වනාන්තර 75‍
* අඩු ආදායම්ලාභී පවුල් සඳහා කොළඹින් නිවාස 1996
* ජාතික තරුණ වේදිකාව පිළිබඳ ව්‍යාපෘති සහ වැඩසටහන්