• Increase font size
  • Default font size
  • Decrease font size

2023-01-09 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
අපනයනාභිමුඛ ඛනිජ තෙල් පිරිපහදුවක් සහ ආශ්‍රිත නිෂ්පාදන සැකසුම් මධ්‍යස්ථානයක් හම්බන්තොට ප්‍රදේශයේ ස්ථාපිත කිරීම
- හම්බන්තොට ආශ්‍රිතව අපනයන අරමුණු කර ගත් ඛනිජ තෙල් පිරිපහදුවක් සහ ආශ්‍රිත නිෂ්පාදන සැකසුම් මධ්‍යස්ථානයක් ස්ථාපිත කිරීමේ ඉහළ විභවතාවක් පවතින බව හඳුනාගනු ලැබ ඇත. එකී ආයෝජන අවස්ථාව උපයෝගී කර ගැනීම පිණිස විවිධ පාර්ශ්වයන් හා විදේශීය ආයෝජකයන් විසින් උනන්දුවක් දක්වනු ලබයි. ඒ අනුව, හම්බන්තොට ආශ්‍රිතව ඛනිජ තෙල් පිරිපහදුවක් ස්ථාපිත කිරීම සඳහා සුදුසු ආයෝජකයෙකු තෝරාගැනීම සඳහා අභිලාෂය කැඳවීමේ නිවේදන නිකුත් කිරීමට සහ ඒ අතුරින් මූලික සුදුසුකම් සපුරනු ලබන ආයෝජකයින්ගෙන් විස්තරාත්මක යෝජනා ලබා ගැනීම‍ පිණිස විදුලිබල හා බලශක්ති අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.