• Increase font size
  • Default font size
  • Decrease font size

2023-01-09 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
ශ්‍රී ලංකාවේ ලිහිසි තෙල් වෙළෙඳපොළ ලිහිල්කරණය හා නව ප්‍රවේශකයින් තෝරා ගැනීම
- 1961 අංක 28 දරන ලංකා ඛනිජතෙල් නීතිගත සංස්ථා පනත සහ ඊට ආනුෂංගික සංශෝධිත විධිවිධාන මඟින් ලිහිසි තෙල් කර්මාන්තය සඳහා ඇතුළත් වීමට අපේක්ෂිත නව අයදුම්කරුවන් තෝරා ගැනීම සඳහා සහ ඊට අනුරූපව බලපත්‍ර ලබා දීම සඳහා ඛනිජතෙල් සම්පත් සංවර්ධන විෂයභාර අමාත්‍යවරයාට බලය ලබා දී තිබේ. ඒ අනුව, ඛනිජතෙල් සම්පත් සංවර්ධන විෂයභාර අමාත්‍යවරයා විසින් මෙරට ලිහිසි තෙල් වෙළෙඳපොළ පූර්ණ වශයෙන් විවෘත කර ඇත. මේ වන විට ලංකා ඛනිජතෙල් නීතිගත සංස්ථාවද ඇතුළත්ව බලපත්‍රලාභී ආයතන 26ක් මෙරට ලිහිසි තෙල් කර්මාන්තයේ නියැලී සිටියි. පාරිභෝකයින්හට වඩාත් තරඟකාරි මිලකට ලිහිසි තෙල් මිල දී ගැනීමට අවස්ථාව හිමි වන පරිදි ගුණාත්මක බවින් ඉහළ, නව්‍ය හා තරඟකාරිත්වයෙන් යුත් නිෂ්පාදන මෙරට වෙළෙඳපොළට ඇතුළු වීමට අවස්ථාව සලසා දීමට හැකි වන පරිදි ශ්‍රී ලංකාවේ ලිහිසි තෙල් වෙළෙඳපොළට නව ප්‍රවේශකයන් තෝරා ගැනීම සඳහා සුදුසුකම් ඉල්ලා සිටීමේ අයදුම්පත් කැඳවීම පිණිස විදුලිබල හා බලශක්ති අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.