• Increase font size
  • Default font size
  • Decrease font size

2023-01-09 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
කොරියානු සංචාරක සංවිධානයේ මූල්‍ය ප්‍රදානයක් මත ශ්‍රී ලංකාවේ මධ්‍යම, උතුරු සහ නැඟෙනහිර කලාප කේන්ද්‍ර කර ගනිමින් ප්‍රජාපාදක සංචාරක සංවර්ධන ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීම
- ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය සතු කුච්චිවේලි සංචාරක සංවර්ධන ප්‍රදේශය කේන්ද්‍ර කරගනිමින් කොරියානු සංචාරක සංවිධානයේ මූල්‍යාධාර යටතේ ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය විසින් “ප්‍රජාපාදක සංවාරක ව්‍යාපෘතියක්” ක්‍රියාත්මක කිරීමට යෝජනා කර ඇත. කොරියානු සංචාරක සංවිධානයේ නියෝජිත කණ්ඩායමක් අදාළ ව්‍යාපෘති යෝජනාව පිළිබඳව ශක්‍යතා අධ්‍යයනයක් සිදු කර යෝජිත සමස්ත ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සඳහා දකුණු කොරියානු වොන් බිලියන 2.172ක මූල්‍යාධාරයක් ලබා දීමටත්, එහි ප්‍රථම අදියර වශයෙන් අදාළ සංචාරක සංවර්ධන ව්‍යාපෘතියේ සමස්ත සැලැස්ම සකස් කිරීම, පුහුණු වැඩසටහන සකස් කිරීම සහ නියමු පුහුණු වැඩසටහනක් ක්‍රියාත්මක කිරීම සඳහා දකුණු කොරියානු වොන් මිලියන 400ක ප්‍රදානයක් ලබා දීමටත් එකඟතාව පළ කර තිබේ. ඒ අනුව, යෝජිත ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සඳහා කොරියානු සංචාරක සංවිධානය සහ ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය අතර එකඟතා ගිවිසුමකට එළඹීම පිණිස සංචාරක හා ඉඩම් අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.