• Increase font size
  • Default font size
  • Decrease font size

2023-01-09 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
75 වන නිදහස් දින සමරු උළෙල
- 2023 පෙබරවාරි මස 04 දිනට යෙදෙන 75 වන නිදහස් දින සමරු උළෙල සහ ඊට සමගාමීව පැවැත්වීමට සංවිධානය කර ඇති, ඒ ඒ ආයතන විසින් ඉටු කළ යුතු කාර්යභාරයන් හා වගකීම් ඇතුළත් වැඩසටහන රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය වශයෙන් ගරු අග්‍රාමාත්‍යතුමා විසින් අමාත්‍ය මණ්ඩලය වෙත ඉදිරිපත් කරන ලදී. එකී වැඩසටහන ක්‍රියාත්මක කිරීම සඳහා අමාත්‍ය මණ්ඩලයේ එකඟතාව ලබා දීමට තීරණය කරන ලදී