• Increase font size
  • Default font size
  • Decrease font size

2023-01-09 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
ඉදිරි දශකය සඳහා ජාතික බලශක්ති විභවයන්, ක්‍රමෝපායයන් හා මාර්ග සිතියම
- බලශක්ති ක්ෂේත්‍රය තිරසර අන්දමින් සංවර්ධනය කිරීම අරමුණු කර ගනිමින් අනුගමනය කළ යුතු ප්‍රතිපත්තීන් හා උපායමාර්ග හඳුනාගෙන අමාත්‍ය මණ්ඩලය වෙත යෝග්‍ය නිර්දේශ ඉදිරිපත් කිරීමටත්, එකී නිර්දේශ මත පදනම්ව අමාත්‍ය මණ්ඩලය විසින් එළඹෙන තීරණ කඩිනමින් ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය මඟ පෙන්වීම හා පසුවිපරම් කිරීම පිණිසත් 2022 08 30 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී ගරු අග්‍රාමාත්‍යතුමාගේ ප්‍රධානත්වයෙන් අමාත්‍ය මණ්ඩල අනුකමිටුවක් පත් කරනු ලැබ ඇත. එකී අනුකමිටුව විසින් අදාළ පාර්ශ්වකාර ආයතන, ක්ෂේත්‍රයේ වෘත්තිකයින් හා විද්වතුන්ගේ සහභාගිත්වයෙන් රැස්වීම් කිහිපයක් පැවැත්වීමෙන් අනතුරුව ඉදිරිපත් කරනු ලැබ ඇති වාර්තාවේ සඳහන් බලශක්ති ක්ෂේත්‍රයට අදාළ නිර්දේශ හා සන්ධිස්ථාන ද ඇතුළත් මාර්ග සිතියම ක්‍රියාත්මක කිරීම සඳහා ගරු අග්‍රාමාත්‍යතුමා ඉදිරිපත් කරන ලද යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.