• Increase font size
  • Default font size
  • Decrease font size

2023-01-02 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
1969 අංක 1 දරන ආනයන හා අපනයන (පාලන) පනත යටතේ නිකුත් කරනු ලැබ ඇති රෙගුලාසි පාර්ලිමේන්තුවේ අනුමැතිය සඳහා ඉදිරිපත් කිරීම
- 1969 අංක 1 දරන ආනයන හා අපනයන (පාලන) පනත යටතේ නිකුත් කරන ලද පහත සඳහන් රෙගුලාසි පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම පිණිස මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍ය වශයෙන් ගරු ජනාධිපතිතුමා විසින් ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී:

* අංක 2309/40 දරන 2022 12 09 දිනැති අති විශෙෂ ගැසට් නිවේදනය මඟින් පනවන ලද 2022 අංක 23 දරන ආනයන හා අපනයන (පාලන) රෙගුලාසි.

* අංක 2311/08 දරන 2022 12 19 දිනැති අති විශෙෂ ගැසට් නිවේදනය මඟින් පනවන ලද 2022 අංක 24 දරන ආනයන හා අපනයන (පාලන) රෙගුලාසි.

* අංක 2311/18 දරන 2022 12 21 දිනැති අති විශෙෂ ගැසට් නිවේදනය මඟින් පනවන ලද 2022 අංක 25 දරන ගෙවීම් ක්‍රම සඳහා වූ ආනයන පාලන රෙගුලාසි.