• Increase font size
  • Default font size
  • Decrease font size

2023-01-02 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ විශ්ව කාලාන්තර සමාලෝචනයේ 4 වැනි චක්‍රය
- 2006 වර්ෂයේදී එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ මහා මණ්ඩලය විසින් සම්මත කරන ලද යෝජනාවක් අනුව සියලුම සාමාජික රටවල් විශ්ව කාලාන්තර සමාලෝචනයකට යටත් විය යුතුව ඇත. එමඟින් සාමාජික රටවල මානව හිමිකම් තත්ත්වය වැඩිදියුණු කර ගැනීමට සහ එම රටවල මානව හිමිකම් වගකීම් ඉටු කිරීමට ජාතික මට්ටමින් ගනු ලැබ ඇති පියවර ප්‍රකාශ කිරීමට අවස්ථාව සලසා දෙනු ලබයි. සෑම සාමාජික රාජ්‍යයක් විසින්ම සිය සමා‍ලෝචනය වර්ෂ 4කට වරක් සිදු කළ යුතුව ඇත. ශ්‍රී ලංකාව මේ වන විට සමාලෝචන චක්‍ර 3කට සහභාගි වී ඇති අතර, මීළඟ සමාලෝචනය 2023 පෙබරවාරි මස 01 දින පැවැත්වීමට නියමිතව තිබේ. 4වන සමාලෝචන චක්‍රය යටතේ ඉදිරිපත් කිරීමට නියමිත ශ්‍රී ලංකාවේ ජාතික වාර්තාව මඟින් මීට පෙර සිදු කරන ලද සමාලෝචනයේ සිට මේ දක්වා ගනු ලැබ ඇති පියවර සම්බන්ධයෙන් ස්වයං ඇගයීමක් ඉදිරිපත් කිරීම පිණිස විදේශ කටයුතු අමාත්‍යාංශය විසින් අනුගමනය කරනු ලැබ ඇති ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් අමාත්‍ය මණ්ඩලයේ එකඟතාව ලබා දීමට තීරණය කරන ලදී.