• Increase font size
  • Default font size
  • Decrease font size

2023-01-02 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
බොරැල්ල ඕවල් වීව් රෙසිඩන්සීස් නිවාස ව්‍යාපෘතියේ නිවාස ඒකක සින්නක්කර පදනම මත විකිණීම
- රාජ්‍ය සේවකයින් සඳහා ඉදිකරන ලද නිවාස ඒකක 608කින් සහ වාණිජ ඒකක 05කින් සමන්විත මහල් 24කින් යුත් පැලැන්ගස්තුඩුව, බොරැල්ල ඕවල් වීව් රෙසිඩන්සීස් නිවාස ව්‍යාපෘතියේ වැඩ අවසන් කර 2020 වර්ෂයේදී නිවාසවල භුක්තිය නිවාසලාභීන් වෙත ලබා දී ඇත. ඒ අනුව, 1978 අංක 41 දරන නාගරික සංවර්ධන අධිකාරි පනතේ විධිවිධාන පරිදි නිවාසලාභීන් වෙත සින්නක්කර ඔප්පු ලබා දීම පිණිස නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.