• Increase font size
  • Default font size
  • Decrease font size

2023-01-02 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
නාගරික සංවර්ධන අධිකාරිය යටතේ කඩිනම් සේවා ඒකකයක් ස්ථාපිත කිරීම
- නාගරික සංවර්ධන අධිකාරිය විසින් නාගරික ප්‍රදේශ තුළ සිදු කරනු ලබන සංවර්ධන ව්‍යාපෘති අනුමත කිරීමේ ක්‍රියාවලිය කඩිනම් කිරීමේ අවශ්‍යතාව හඳුනාගනු ලැබ ඇත. ඒ අනුව, දැනට ක්‍රියාත්මකව පවතින සංවර්ධන අයදුම්පත් පෙරසැරි කිරීමේ ක්‍රියාවලිය වැඩිදියුණු කර එකම ස්ථානයකින් (One Stop Unit) සියලු අනුමැතීන් ලබා ගත හැකි වන පරිදි ඒකකයක් ස්ථාපිත කිරීම පිණිස නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.