• Increase font size
  • Default font size
  • Decrease font size

2023-01-02 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
පාසල්වල 2 ශ්‍රේණියේ සිට 11 ශ්‍රේණිය දක්වා සිසුන් ඇතුළත් කිරීම සඳහා නව ක්‍රමවේදයක් හඳුන්වා දීම (6 ශ්‍රේණිය හැර)
- පාසල්වල 2 ශ්‍රේණියේ සිට 11 ශ්‍රේණිය දක්වා සිසුන් ඇතුළත් කිරීම (6 ශ්‍රේණිය හැර) සඳහා දැනට ක්‍රියාත්මක වන චක්‍රලේඛ විධිවිධාන තවදුරටත් විධිමත් කරමින් අතරමැදි ශ්‍රේණිවලදී පාසල් මාරු කිරීමට සත්‍ය වශයෙන්ම අවශ්‍ය කණ්ඩායම් හඳුනාගෙන සියලුම සිසුන්ට සාධාරණ හා සමප්‍රවේශ අවස්ථා සැලසෙන අයුරින් නව ක්‍රමවේදයක් හඳුන්වා දීමටත්, දැනට පවතින 1-5 ශ්‍රේණිවල එක් පන්තියක උපරිම සිසුන් සංඛ්‍යාව 40ක් සහ 6-11 ශ්‍රේණිවල එක් පන්තියක උපරිම සිසුන් සංඛ්‍යාව 45ක් වශයෙන් එම ක්‍රමවේදය යටතේ ද නොවෙනස්ව පවත්වාගෙන යාමටත් අධ්‍යාපන අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.