• Increase font size
  • Default font size
  • Decrease font size

2023-01-02 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
ශ්‍රී ලංකාවෙන් චීනයට අපනයනය කිරීමට නියමිත වන සමුද්‍ර ධීවර ජලජ නිෂ්පාදන පරීක්ෂා කිරීම, නිරෝධායන සහ පශු විද්‍යාත්මක සෞඛ්‍යාරක්ෂක අවශ්‍යතා පිළිබඳ වන සන්ධානය
- මෙරට ආහාර නිෂ්පාදන 33ක් චීනයට අපනයනය කිරීම සඳහා චීන සමූහාණ්ඩුවේ සාමාන්‍ය රේගු පරිපාලනය විසින් අනුමැතිය ලබා දී ඇත. ඒ අතුරින් නිෂ්පාදන 29ක් ජලජ නිෂ්පාදන වන අතර චීන සමූහාණ්ඩුවේ ලියාපදිංචි ශ්‍රී ලාංකික සමාගම් අතුරින් සමාගම් 38ක් එකී නිෂ්පාදන අපනයනකරුවන් වශයෙන් කටයුතු කරනු ලබයි. චීනය වෙත ජලජ නිෂ්පාදන අපනයනය කිරීම සඳහා අවශ්‍ය සහයෝගය ලබා දීමට සහ දිරි ගැන්වීමට හැකි වන පරිදි ශ්‍රී ලංකාවෙන් චීනය වෙත අපනයනය කිරීමට නියමිත සාගර ධීවර ජලජ නිෂ්පාදන පරීක්ෂා කිරීම, නිරෝධායන සහ පශු විද්‍යාත්මක සෞඛ්‍යාරක්ෂක අවශ්‍යතා පිළිබඳව වන සන්ධානය (Protocol), මහජන චීන සමූහාණ්ඩුවේ සාමාන්‍ය රේගු පරිපාලනය සහ ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ධීවර අමාත්‍යාංශය අතර අත්සන් තැබීම පිණිස ධීවර අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.