• Increase font size
  • Default font size
  • Decrease font size

2023-01-02 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
ජංගම උපකරණ පිළිබඳ ජාත්‍යන්තර අයිතිවාසිකම් සම්බන්ධයෙන් වන කේප් ටවුන් සම්මුතිය සහ ගුවන් යානා උපකරණවලට විශේෂිත වූ කාරණා සම්බන්ධ ජංගම උපකරණ පිළිබඳ ජාත්‍යන්තර අයිතිවාසිකම් සම්බන්ධයෙන් වන සම්මුතිය පිළිගැනීම
- පුද්ගලික නීතිය ඒකාබද්ධ කිරීමේ ජාත්‍යන්තර ආයතනය සහ ජාත්‍යන්තර සිවිල් ගුවන්සේවා සංවිධානයේ අනුග්‍රහය ඇතිව 2001 වර්ෂයේදී, ජංගම උපකරණ පිළිබඳ ජාත්‍යන්තර අයිතිවාසිකම් සම්බන්ධයෙන් වන කේප් ටවුන් සම්මුතිය සහ ගුවන් යානා උපකරණවලට විශේෂිත වූ කාරණා සම්බන්ධ ජංගම උපකරණ පිළිබඳ ජාත්‍යන්තර අයිතිවාසිකම් සම්බන්ධයෙන් වන සම්මුතියට එළඹ තිබේ. එකී සම්මුතිය පිළිගැනීමටත්, ඊට අදාළ විධිවිධාන ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය නීති සම්පාදනය කිරීම පිණිස පියවර ගැනීමටත් වරාය, නාවික හා ගුවන් සේවා අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.