• Increase font size
  • Default font size
  • Decrease font size

2023-01-02 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
රජය සතු ව්‍යවසායයන් ප්‍රතිව්‍යූහගතකරණ වැඩසටහන
- 2022 අතුරු අයවැය මෙන්ම 2023 වර්ෂය සඳහා වන අයවැය ඉදිරිපත් කිරීමේදී ද රාජ්‍ය ව්‍යවසායයන් ප්‍රතිව්‍යූහගත කිරීම සඳහා වන යෝජනාව ගරු ජනාධිපතිතුමා විසින් පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කරන ලදී. ඒ අනුව, දැනටමත් රාජ්‍ය ව්‍යවසායයන් ප්‍රතිව්‍යූහගතකරණ ක්‍රියාවලියට අවශ්‍ය පහසුකම් සැලසීම සඳහා මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යාංශය යටතේ රාජ්‍ය ව්‍යවසායයන් ප්‍රතිව්‍යූහගත කිරීමේ ඒකකය ස්ථාපිත කරනු ලැබ ඇත. ප්‍රතිව්‍යූහගතකරණය කිරීම සඳහා අපේක්ෂිත ආයතන අතුරින් ඇතැම් ආයතන රජය සතු සමාගම් වන අතර එවැනි ඇතැම් සමාගම්වල බහුතර කොටස් රජය සතුව පවතී. එසේම, සමහර රාජ්‍ය ව්‍යවසායයන් සංස්ථා වශයෙන් ක්‍රියාත්මක වේ. එම තත්ත්වය යටතේ රජය සතු ව්‍යවසායයන් ප්‍රතිව්‍යූහගතකරණ වැඩසටහන කඩිනම් කිරීමට හැකි වන පරිදි 100%ක කොටස් හිමිකාරිත්වය භාණ්ඩාගාරයේ ලේකම් සතු වන අයුරින් මහා භාණ්ඩාගාරයට අනුබද්ධිත මව් සමාගමක් ස්ථාපිත කිරීමටත්, ප්‍රතිව්‍යූහගතකරණය සඳහා හඳුනාගනු ලබන රාජ්‍ය ව්‍යවසායයන් එකී මව් සමාගමට අනුබද්ධිත සමාගම් ලෙස ලියාපදිංචි කිරීමටත් අවශ්‍ය විධිවිධාන සැලසීම පිණිස මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍ය වශයෙන් ගරු ජනාධිපතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.