• Increase font size
  • Default font size
  • Decrease font size

2022-12-19 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
ශ්‍රී ලංකාවේ ආර්ථිකයට කඳුරට දමිළ ප්‍රජාව විසින් ලබා දෙන දායකත්වය ඇගයීම
- මීට වසර 200කට පමණ ‍පෙර ඉන්දියාවේ සිට මෙරටට සංක්‍රමණය වූ කඳුරට දමිළ ප්‍රජාව මධ්‍යම, සබරගමුව හා දකුණු පළාත් කේන්ද්‍ර කර ගනිමින් ජීවත් වන අතර ඔවුන් විවිධ අයුරින් ජාතික ආර්ථිකයට සිය දායකත්වය දක්වනු ලබයි. ඔවුන්ගේ දායකත්වය වැවිලි ක්ෂේත්‍රයේ මුළු ආදායමින් 1/3ක් පමණ වේ. 2023 පෙබරවාරි වන විට කඳුරට දමිළ ප්‍රජාවගේ මුල් පරපුර ශ්‍රී ලංකාවට පැමිණ වසර 200ක් සම්පූර්ණ වීම නිමිති කරගෙන වැවිලි කර්මාන්ත අමාත්‍යාංශය සහ අනෙකුත් අදාළ රජයේ ආයතන හා එක්ව ඔවුන්ගේ ජීවන තත්ත්වය උසස් කිරීම අරමුණු කර ගනිමින් හඳුනාගත් වැඩසටහන් ක්‍රියාත්මක කිරීම පිණිස ගරු ජනාධිපතිතුමා ඉදිරිපත් කළ යෝජනාව සඳහා අමාත්‍ය මණ්ඩලයේ එකඟතාව ලබා දෙන ලදී.