• Increase font size
  • Default font size
  • Decrease font size

2022-12-19 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
ශ්‍රී ලංකා මහ බැංකු පනත් කෙටුම්පත
- 2019 10 29 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී ශ්‍රී ලංකා මහ බැංකු පනත් කෙටුම්පත සකස් කිරීම සඳහා අනුමැතිය ලබා දී තිබේ. ඒ අනුව සකස් කරන ලද ශ්‍රී ලංකා මහ බැංකු පනත් කෙටුම්පත 2019 11 01 දින රජයේ ගැසට් පත්‍රයේ පළ කරනු ලැබ ඇති අතර, අනුමැතිය ලබා ගැනීම සඳහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබුණ ද න්‍යාය පුස්ථකයට එය ඇතුළත් කර නොමැත. වර්තමාන අවශ්‍යතාවන්ට ගැළපෙන පරිදි ශ්‍රී ලංකා මහ බැංකුවේ කටයුතු වඩාත් කාර්යක්ෂමව හා ඵලදායීව ඉටු කිරීමට හැකි වන අයුරින් මුල් පනත් කෙටුම්පතට නව සංශෝධන ඇතුළත් කරමින් වැඩිදියුණු කරනු ලැබ තිබේ. ඒ අනුව, නීති කෙටුම්පත් සම්පාදක විසින් සකස් කරනු ලැබ ඇති පනත් කෙටුම්පත මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යතුමා වශයෙන් ගරු ජනාධිපතිතුමා අමාත්‍ය මණ්ඩලය වෙත ඉදිරිපත් කරන ලදුව, එකී පනත් කෙටුම්පත සඳහා අනුමැතිය ලබා දෙන ලදී.