• Increase font size
  • Default font size
  • Decrease font size

2022-12-19 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
විදුලිබල සැපයුමේ විශ්වසනීයත්වය වැඩිදියුණු කිරීමේ සහායක ව්‍යාපෘතියේ ණය වලංගු කාලය දීර්ඝ කිරීම
- ආසියානු සංවර්ධන අරමුදල සහ පිවිතුරු බලශක්ති මූල්‍යන සහයෝගිතා පහසුකම හා දරිද්‍රතාවය අවම කිරීම සඳහා වන ජපාන අරමුදල මඟින් ලබා දී ඇති ප්‍රදානයන් දෙකක් යටතේ විදුලිබල සැපයුමේ විශ්වසනීයත්වය වැඩිදියුණු කිරීමේ සහායක ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරනු ලබයි. ව්‍යාපෘතියේ පැකේජ 4 යටතේ කටයුතු අවසන් කිරීමේ දිනය 2023 11 29 දින දක්වා දීර්ඝ කිරීම පිණිස පියවර ගනු ලැබ ඇත. ඒ අනුව, අවශ්‍ය අරමුදල් සලසා ගැනීමට හැකි වන පරිදි ආසියානු සංවර්ධන බැංකු ණය පහසුකමේ වලංගු කාලය 2024 03 31 දින දක්වා දීර්ඝ කිරීම පිණිස විදුලිබල හා බලශක්ති අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.