• Increase font size
  • Default font size
  • Decrease font size

2022-12-19 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
ජාතික කලාභවන වැඩිදියුණු කර සංරක්ෂණය කිරීම සඳහා අවශ්‍ය අතිරේක ප්‍රතිපාදන සපයා ගැනීම
- ජාතික කලාභවනේ ප්‍රතිසංස්කරණ කටයුතු මෙම වර්ෂය තුළ නිම කිරීමට සැලසුම් කර තිබුණ ද රට තුළ පැවති තත්ත්වය හේතුවෙන් එකී ප්‍රතිසංස්කරණ කටයුතු අවසන් කිරීමට හැකි වී නොමැත. අදාළ ප්‍රතිසංස්කරණ කටයුතුවලින් 80%ක් පමණ දැනට නිම කර ඇති අතර තවදුරටත් ඉතිරිව ඇති වැඩ නිම කිරීම පිණිස මොරටුව විශ්වවිද්‍යාලයේ ගෘහ නිර්මාණ පීඨයේ ව්‍යාපෘති උපදේශක ඒකකය විසින් අදාළ සැලසුම් සහ ඇස්තමේන්තු පිළියෙල කරනු ලැබ තිබේ. ඒ අනුව, ඉතිරි ප්‍රතිසංස්කරණ කටයුතු 2023 වර්ෂය තුළ නිම කිරීමට හැකි වන පරිදි අවශ්‍ය ප්‍රතිපාදන සලසා ගැනීම පිණිස බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.