• Increase font size
  • Default font size
  • Decrease font size

2022-12-19 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
කුඩා තේ හා රබර් වතු පුනර්ජීවන ව්‍යාපෘතිය යටතේ ක්‍රියාත්මක වන ග්‍රාමීය මූල්‍යකරණ වැඩසටහන
- කුඩා තේ හා රබර් වතු පුනර්ජීවන ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සඳහා ශ්‍රී ලංකා රජය සහ කෘෂිකර්මය සංවර්ධන සඳහා වන ජාත්‍යන්තර අරමුදල අතර ගිවිසුමකට එළඹ තිබේ. එකී ව්‍යාපෘතිය යටතේ “ග්‍රාමීය මූල්‍යකරණ වැඩසටහන” ක්‍රියාත්මක වන අතර, එම වැඩසටහන 2022 12 31 දිනෙන් අවසන් වීමට නියමිතව ඇත. එම වැඩසටහන සඳහා වෙන් කර ඇති මුදලින් තවත් රුපියල් මිලියන 172.35ක මුදලක් ප්‍රතිලාභීන් වෙත ණය වශයෙන් නිකුත් කිරීමට නියමිතව ඇත. එබැවින්, එකී වැඩසට‍හනේ කාලසීමාව 2023 06 30 දින දක්වා දීර්ඝ කිරීම පිණිස වැවිලි කර්මාන්ත අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.