• Increase font size
  • Default font size
  • Decrease font size

2022-12-19 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
කොළඹ වරාය නගරය සඳහා නව වීසා වර්ග හඳුන්වා දීම
- කොළඹ වරාය නගරයේ ස්ථාපිත කිරීමට නියමිත ජාත්‍යන්තර වෙළෙඳ, නාවික හා මෙහෙයුම්, මූල්‍ය, තොරතුරු තාක්ෂණ හා සංචාරක වැනි විවිධ සේවාවන් සඳහා පැමිණීමට නියමිත ආයෝජකයින් සහ අනෙකුත් අදාළ පාර්ශ්වයන්ට වීසා නිකුත් කිරීම සහ ඊට අදාළ කාර්යයන් ආගමන හා විගමන දෙපාර්තමේන්තුව විසින් ඉටු කළ යුතුව ඇත. ඒ අනුව, කොළඹ වරාය නගර කොමිෂන් සභාවේ නිර්දේශ මත පදනම්ව පහත සඳහන් වීසා කාණ්ඩයන් හඳුන්වා දීම පිණිස අවශ්‍ය පියවර ගැනීම සඳහා මහජන ආරක්ෂක අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී:

* වාස වීසා කාණ්ඩය යටතේ ආයෝජකයන් සඳහා "ආයෝජක වීසා" කාණ්ඩය

* සේවා නියුක්තිකයින් වෙනුවෙන් "සේවා නියුක්ත වීසා" කාණ්ඩය

* කොළඹ වරාය නගරය තුළ බදු පදනම මත වාසය කරනු ලබන විදේශකයින් සඳහා "සීපීසී නේවාසික දේපළ බදු ගැනුම්කරු" වීසා කාණ්ඩය