• Increase font size
  • Default font size
  • Decrease font size

2022-12-19 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
ශ්‍රී ලංකා ආර්ථික විද්‍යා සහ වෙළෙඳ ආයතනය පිහිටුවීම
- ජාතික ප්‍රතිපත්ති සම්පාදනයේදී හා ක්‍රියාත්මක කිරීමේදී පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සහ ජ්‍යෙෂ්ඨ රාජ්‍ය නිලධාරින්හට අවබෝධිත තීරණවලට එළඹීමට හැකි වන පරිදි ආර්ථික විද්‍යාව සහ වෙළෙඳ කටයුතු පිළිබඳ පුහුණුවක් ලබා තිබීම ඉතා වැදගත්වේ. ඒ සඳහා අවශ්‍ය පහසුකම් සැලසීමට හැකි වනු පිණිස "ශ්‍රී ලංකා ආර්ථික විද්‍යා සහ වෙළෙඳ ආයතනය" යනුවෙන් ආයතනයක් පාර්ලිමේන්තු පනතකින් ස්ථාපිත කිරීම යෝග්‍ය බවට හඳුනාගනු ලැබ ඇත. ඒ අනුව, ශ්‍රී ලංකා ආර්ථික විද්‍යා සහ වෙළෙඳ ආයතනය පිහිටුවීම සඳහා පනත් කෙටුම්පතක් සකස් කරන ලෙස නීති කෙටුම්පත් සම්පාදකට උපදෙස් දීම පිණිස ගරු ජනාධිපතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.