• Increase font size
  • Default font size
  • Decrease font size

2022-12-12 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
1981 අංක 1 දරන පාර්ලිමේන්තු මැතිවරණ පනත සංශෝධනය කිරීම
- 1981 අංක 1 දරන පාර්ලිමේන්තු මැතිවරණ පනතේ 8(8) වගන්තිය ප්‍රකාරව මැතිවරණය සඳහා තරග කරන දේශපාලන පක්ෂ ස්වාධීන කණ්ඩායම් හා අපේක්ෂකයින්ගේ හැසිරීමට අදාළ චර්යාධර්ම සංග්‍රහයක් මැතිවරණ කොමිෂන් සභාව විසින් අංක 2178/25 සහ 2020 06 03 දිනැති අති විශෙෂ ගැසට් නිවේදනය මඟින් ප්‍රකාශයට පත් කර ඇත. එකී චර්යාධර්ම සංග්‍රහය උල්ලංඝනය කර ඇති අවස්ථාවක ගත හැකි පියවර සහ එම පියවරයන් ධූර කාලය දක්වාම බලාත්මකව පවතින බව සඳහන් කරමින් විධිවිධාන ඇතුළත් කිරීමටත්, හඳුනාගත් විශේෂිත තනතුරු දරනු ලබන පුද්ගලයන්හට තමන් වෙත වෙන් කර ඇති ඡන්ද පොළෙන් බැහැරව විශේෂ මධ්‍යස්ථානයකදී මැතිවරණ දින ඡන්දය ප්‍රකාශ කිරීමට අවකාශය සලසා දීමටත් හැකි වනු පිණිස 1981 අංක 1 දරන පාර්ලිමේන්තු මැතිවරණ පනත සංශෝධනය කිරීම යෝග්‍ය බවට හඳුනාගනු ලැබ ඇත. ඒ අනුව, ඒ සඳහා වන විධිවිධාන ඇතුළත් කරමින් එකී පනත සංශෝධනය කිරීම පිණිස පනත් කෙටුම්පතක් සකස් කරන ලෙස නීති කෙටුම්පත් සම්පාදකට උපදෙස් දීම සඳහා ගරු ජනාධිපතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.