• Increase font size
  • Default font size
  • Decrease font size

2022-12-12 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 104ආ(5)(අ) ව්‍යවස්ථාව යටතේ මැතිවරණ කොමිෂන් සභාව විසින් නිකුත් කරනු ලැබ ඇති මාධ්‍ය උපමාන නීතිගත කිරීම
- 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 104ආ(5)(අ) ව්‍යවස්ථාව ප්‍රකාරව මැතිවරණ කොමිෂන් සභාව විසින් අංක 2178/24 හා 2020 06 03 දිනැති අති විශෙෂ ගැසට් නිවේදනය මඟින් මාධ්‍ය උපමාන ප්‍රකාශයට පත් කර තිබේ. එහෙත් එම මාධ්‍ය උපමාන උල්ලංඝනය කර ඇති අවස්ථාවක ගත හැකි ක්‍රියාමාර්ග පිළිබඳ විධිවිධාන මෙතෙක් පනවනු ලැබ නොමැත. එකී උපමාන උල්ලංඝනය කිරීම මැතිවරණ වරදක් ලෙස දැක්වෙන විධිවිධාන ජනාධිපතිවරයා තෝරා පත් කර ගැනීමේ (විශේෂ විධිවිධාන) පනත, පාර්ලිමේන්තු මැතිවරණ පනත, පළාත් සභා මැතිවරණ පනත සහ පළාත් පාලන ඡන්ද විමසීම් ආඥාපනත යන පනත්වලට ඇතුළත් කිරීමට හෝ මාධ්‍ය උපමාන උල්ලංඝනය කිරීම එක් එක් ඡන්ද විමසීමට අදාළ පනත යටතේ නීති විරෝධි ක්‍රියාවක් සේ සලකා කටයුතු කිරීමට හෝ හැකි වන පරිදි අදාළ විධිවිධාන ඇතුළත් කරමින් පනත් කෙටුම්පතක් සකස් කරන ලෙස නීති කෙටුම්පත් සම්පාදකට උපදෙස් දීම පිණිස ගරු ජනාධිපතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.