• Increase font size
  • Default font size
  • Decrease font size

2022-12-12 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ කාර්ය පටිපාටික රීති සඳහා ප්‍රතිපත්තිමය අනුමැතිය ලබා දීම
- 2009 04 02 දින සිට ක්‍රියාත්මක කරන ලද රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ කාර්ය පටිපාටික රීති වර්තමාන අවශ්‍යතාවන්ට හා නීතී රීතිවලට අනුගත වන අයුරින් නැවත කෙටුම්පත් කරනු ලැබ ඇත. එකී කෙටුම්පත් කාර්ය පටිපාටික රීති අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද නිලධාරි කමිටුවක් විසින් තවදුරටත් අධ්‍යයනය කර ඉදිරිපත් කරන ලද යෝජනා ද ඇතුළත් කරමින් අවසන් කෙටුම්පත සකස් කර තිබේ. එලෙස සකස් කරනු ලැබ ඇති රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ කාර්ය පටිපාටික රීති සඳහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 55(1) ව්‍යවස්ථාවේ විධිවිධාන පරිදි ප්‍රතිපත්තිමය අනුමැතිය ලබා දීම සඳහාත්, එකී කාර්ය පටිපාටික රීති 2023 01 01 දින සිට ක්‍රියාත්මක කිරීම සඳහාත් ගරු ජනාධිපතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.