• Increase font size
  • Default font size
  • Decrease font size

2022-12-12 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
1978 අංක 2 දරන අධිකරණ සංවිධාන පනත
- උතුරු පළාත් සභාව විසින් පනවන ලද මූල්‍ය ව්‍යවස්ථා බලාත්මක කිරීම පිණිස ස්වකීය අධිකරණ බලය ක්‍රියාත්මක කිරීමට උතුරු පළාතේ අධිකරණවලට හැකියාව ලැබෙන පරිදි අධිකරණ සංවිධාන පනතේ විධිවිධාන පරිදි අදාළ නියෝග ප්‍රකාශයට පත් කරමින් 2021 07 30 දිනැති අති විශෙෂ ගැසට් නිවේදනය නිකුත් කරනු ලැබ ඇත. එකී නියෝග පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම පිණිස 2021 12 13 දින අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය අපේක්ෂා කළ අවස්ථාවේදී, අදාළ මූල්‍ය ව්‍යවස්ථා බලාත්මක කිරීමේ ක්‍රියාවලිය උතුරු හා නැ‍ඟෙනහිර පළාත් දෙකටම සමගාමීව ක්‍රියාත්මක කිරීමට කටයුතු කළ යුතු බවට අමාත්‍ය මණ්ඩලය විසින් තීරණය කරන ලදී. ඒ අනුව, නැ‍ඟෙනහිර පළාත් සභාව විසින් පනවනු ලබන ඕනෑම බදු හෝ ගාස්තු පැනවීම සම්බන්ධයෙන් වන මූල්‍ය ව්‍යවස්ථා ආශ්‍රිතව පැන නැ‍ඟෙන සියලුම නඩු කටයුතු, නීති කෘත්‍යයන් හෝ කාරණා අසා නිශ්චය කිරීම පිණිස නැ‍ඟෙනහිර පළාත තුළ පිහිටි මහේස්ත්‍රාත් සහ දිසා අධිකරණ නම් කරමින් අධිකරණ සංවිධාන පනතේ විධිවිධාන පරිදි ගරු අධිකරණ ඇමතිතුමා විසින් නියෝග පැනවීමට පියවර ගනු ලැබ ඇත. එලෙස පනවනු ලැබ ඇති නියෝගයන් අනුමැතිය සඳහා පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කිරීම පිණිස අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.