• Increase font size
  • Default font size
  • Decrease font size

2022-12-12 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
ජල හා මළාපවහන අංශයේ තාක්ෂණික සහයෝගිතාව පිළිබඳ ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ජලසම්පාදන අමාත්‍යාංශය හා මාලදිවයින් ජනරජයේ පරිසර, දේශගුණික විපර්යාස හා තාක්ෂණික අමාත්‍යාංශය අතර අවබෝධතා ගිවිසුම
- ශ්‍රී ලංකාව හා මාලදිවයින අතර ජලාපවහන හා මළාපවහන ක්ෂේත්‍රයන් සංවර්ධනය කිරීමට අදාළව තාක්ෂණික සහයෝගිතාව සඳහා අවබෝධතා ගිවිසුමකට අත්සන් තැබීමට යෝජනා වී ඇත. ඒ සඳහා පිළියෙල කර ඇති කෙටුම්පත් ගිවිසුමට විදේශ කටයුතු අමාත්‍යාංශයේ එකඟතාව සහ නීතිපතිතුමාගේ නිෂ්කාශනය ලැබී තිබේ. ඒ අනුව, යෝජිත අවබෝධතා ගිවිසුමට අත්සන් තැබීම පිණිස ජලසම්පාදන අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.