• Increase font size
  • Default font size
  • Decrease font size

2022-12-12 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
පාසල් සිසුන් සඳහා "සතිමත් බව පිහිටුවීම" වැඩසටහන හඳුන්වා දීම
- අධ්‍යාපන අමාත්‍යාංශය සහ "සති පාසල" නිර්මාතෘ පූජ්‍ය උඩඊරියගම ධම්මජීව ස්වාමීන් වහන්සේගේ "සති පාසල පදනම" ඒකාබද්ධව "සතිමත් බව පිහිටුවීම" වැඩසටහන පාසල් සිසුන් සඳහා ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇත. එම වැඩසටහන, සංකීර්ණ මෙන්ම ගතික සමාජයට ඔරොත්තු දෙමින් තම පෞරුෂය ශක්තිමත් කර ගැනීමට අවශ්‍ය පන්නරය පාසල තුළින්ම පාසල් සිසුන්ට ලබා දෙමින් සිසුන්ගේ වැරදි චර්යා වළක්වා ගැනීම සඳහා උපකාරී වන අධ්‍යාපන වැඩසටහනක් වශයෙන් දිවයිනේ සෑම පාසලකම ක්‍රියාත්මක කිරීමට අපේක්ෂා කරනු ලබයි. ඒ අනුව, 2023 ජනවාරි මස 04 දින සිට 2023 මාර්තු මස 24 දින දක්වා සෑම බදාදා දිනකම නියමු වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමටත්, ඉන් අනතුරුව එකී වැඩසටහන සෑම සතියකම සඳුදා, බදාදා සහ සිකුරාදා යන දිනවල පෙරවරු 7.30 සිට පෙරවරු 7.40 දක්වා විනාඩි 10ක කාලයක් ක්‍රියාත්මක කිරීමටත් අධ්‍යාපන අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.