• Increase font size
  • Default font size
  • Decrease font size

2022-12-12 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
අම්පාර හා මන්නාරම නගර සභා, මහ නගර සභා බවට උත්ශ්‍රේණිගත කිරීම
- දැනට පවතින යටිතල පහසුකම්, කාර්යාල පහසුකම් හා මානව සම්පත් යොදා ගනිමින් අමතර ප්‍රතිපාදන වැය කිරීමකින් තොරව දිස්ත්‍රික්ක කිහිපයක නගර සභා ලෙස පවතින අගනගර, මහ නගර සභා බවට පත් කිරීම පිණිස අවශ්‍ය පියවර ගැනීම සඳහා 2022 08 08 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අනුමැතිය ලබා දෙන ලදී. එකී අනුමැතිය සැලකිල්ලට ගනිමින් අම්පාර හා මන්නාරම දිස්ත්‍රික්කයන්හි ප්‍රධාන නගර ලෙස පවතින අම්පාර හා මන්නාරම නගර දෙකෙහි අපේක්ෂිත සංවර්ධන කාර්යයන් ඉටු කිරීම පහසු කිරීම සඳහා එම නගර සභා, මහ නගර සභා ලෙස උත්ශ්‍රේණිගත කිරීම පිණිස රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය වශයෙන් ගරු අග්‍රාමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.