• Increase font size
  • Default font size
  • Decrease font size

2022-12-05 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
ඕස්ට්‍රේලියානු ස්වේච්ඡා සහයෝගිතා වැඩසටහන 2022-2027
- ඕස්ට්‍රේලියානු රජය විසින් අරමුදල් සපයනු ලබන ඕස්ට්‍රේලියානු ස්වේච්ඡා සහයෝගිතා වැඩසටහන රටවල් 26ක් පුරා ක්‍රියාත්මක වන අතර එම වැඩසටහන යටතේ දේශීය මට්ටමින් සිදු කරනු ලබන කාර්යයන් මඟින් වෙනසක් ඇති කිරීමට සහ තිරසර සංවර්ධන ඉලක්ක සාක්ෂාත් කර ගැනීම පිණිස හවුල්කාරිත්ව සංවිධානයන්ට සහාය වීම සඳහා ප්‍රදානයන් ලබා දෙනු ලබයි. එම වැඩසටහන ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මක කිරීම පිණිස ඕස්ට්‍රේලියාව සහ ශ්‍රී ලංකාව අතර 2017 වසරේදී අවබෝධතා ගිවිසුමකට එළඹ ඇති අතර එකී අවබෝධතා ගිවිසුමේ කාලසීමාව මේ වන විට අවසන් වී ඇත. එකී වැඩසටහන තවත් වසර 05ක කාලයක් තුළ මෙරට ක්‍රියාත්මක කිරීම පිණිස අනුබද්ධ එකඟතා ගිවිසුමකටඅත්සන් තැබීම සඳහා මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍ය වශයෙන් ගරු ජනාධිපතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.