• Increase font size
  • Default font size
  • Decrease font size

2022-12-05 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
පාර්ලිමේන්තු අයවැය කාර්යාලය පිහිටුවීමේ පනත් කෙටුම්පත සකස් කිරීම
- පාර්ලිමේන්තු අයවැය කාර්යාලය පිහිටුවීම සඳහා වන මූලික කෙටුම්පතක් 2022 10 31 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී සලකා බැලීම සඳහා ගරු ජනාධිපතිතුමා විසින් ඉදිරිපත් කරන ලද අතර එකී මූලික කෙටුම්පත පාර්ලිමේන්තුවේ සියලුම පක්ෂ නායකයින් වෙත යොමු කර එහි සඳහන් කරුණු සම්බන්ධයෙන් අදහස් ලබා ගැනීමට එහිදී තීරණය විය. ඒ අනුව, ගරු අග්‍රාමාත්‍යතුමා විසින් පක්ෂ නායකයින් සමඟ අදාළ මූලික කෙටුම්පත සම්බන්ධයෙන් සාකච්ඡා කර ඇති අතර එහිදී ඉදිරිපත් වූ අදහස් අමාත්‍ය මණ්ඩලයේ අවධානය පිණිස ඉදිරිපත් කරන ලදී. එකී අදහස් ද සැලකිල්ලට ගනිමින් දැනට සකස් කරනු ලැබ ඇති මූලික කෙටුම්පත මත පදනම්ව පනත් කෙටුම්පතක් සකස් කරන ලෙසට නීති කෙටුම්පත් සම්පාදක වෙත උපදෙස් දීමට අමාත්‍ය මණ්ඩලය විසින් තීරණය කරන ලදී.