• Increase font size
  • Default font size
  • Decrease font size

2022-12-05 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
1988 අංක 72 දරන සමථ මණ්ඩල පනත සංශෝධනය කිරීම
- සමථ මණ්ඩල කොමිෂන් සභා සාමාජිකයින් පත් කිරීම, සමථ මණ්ඩල බල ප්‍රදේශ නිර්ණය කිරීම සහ නිරවුල් කිරීමට නොහැකි ආරවුල් හා එවැනි ආරවුල් සම්බන්ධයෙන් අධිකරණවල නඩු ගොනු කිරීම වැනි කාර්යයන්ට අදාළ විධිවිධාන වර්තමාන අවශ්‍යතාවන්ට ගැළපෙන අයුරින් හඳුන්වා දීම පිණිස 1988 අංක 72 දරන සමථ මණ්ඩල පනත සංශෝධනය කිරීම සඳහා 2022 09 22 දින අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලබා දී ඇත. ඒ අනුව, නීති කෙටුම්පත් සම්පාදක විසින් සකස් කරනු ලැබ ඇති පනත් කෙටුම්පත සඳහා නීතිපතිතුමාගේ නිෂ්කාශනය ලැබී තිබේ. එකී පනත් කෙටුම්පත රජයේ ගැසට් පත්‍රයේ පළ කිරීමටත්, ඉන් අනතුරුව අනුමැතිය පිණිස පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමටත් අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.