• Increase font size
  • Default font size
  • Decrease font size

2022-12-05 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
ශ්‍රී ලංකා නාවික හමුදා ජලශාස්ත්‍රීය සේවය ජාතික තලයේ පවත්වාගෙන යාම සඳහා නෛතික බලතල පැවරීම
- ශ්‍රී ලංකාවේ දේශීය ජල තීරයේ හා අනන්‍ය ආර්ථික කලාපයේ සමුද්‍රීය ජලශාස්ත්‍රීය කටයුතු නාවික නොවන රාජකාරියක් ලෙස ශ්‍රී ලංකා නාවික හමුදාව වෙත පැවරීම සඳහා වන යෝජනාව 2022 09 05 වන දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී සාකච්ඡා කරන ලද අතර එම යෝජනාව සම්බන්ධයෙන් වැඩිදුර කරුණු අධ්‍යයනය කර නිර්දේශ ඉදිරිපත් කිරීම පිණිස වරාය, නාවික හා ගුවන් සේවා ඇමතිතුමාගේ ප්‍රධානත්වයෙන් අනුකමිටුවක් පත් කරන ලදී. එකී අනුකමිටුවේ නිර්දේශය පරිදි ශ්‍රී ලංකාවේ දේශීය ජල තීරයේ හා අනන්‍ය ආර්ථික කලාපයේ සමුද්‍රීය ජලශාස්ත්‍රීය කටයුතු නාවික නොවන රාජකාරියක් ලෙස ශ්‍රී ලංකා නාවික හමුදාව වෙත ගැසට් නිවේදනයක් මඟින් පැවරීමටත්, මෙම විෂයය සම්බන්ධයෙන් කටයුතු කරනු ලබන සියලුම ආයතන ඒකාබද්ධව කටයුතු කිරීමට හැකි වන පරිදි ජාතික ජලශාස්ත්‍රීය කාර්යාලයක් ස්ථාපිත කිරීමටත් ආරක්ෂක අමාත්‍ය වශයෙන් ගරු ජනාධිපතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.