• Increase font size
  • Default font size
  • Decrease font size

2022-12-05 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
2022 - 2030 කාලසීමාව සඳහා වන ජාතික පාරිසරික ක්‍රියාකාරී සැලැස්ම ක්‍රියාත්මක කිරීම
- ජාතික පරිසර ප්‍රතිපත්තිය සඳහා 2022 06 20 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අනුමැතිය ලබා දී තිබේ. එකී ජාතික පරිසර ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීම සඳහා එක්සත් ජාතීන්ගේ තිරසර සංවර්ධන ඉලක්කයන්ට අනුගත වෙමින් සහ විසිඑක්වන සියවසේ පාරිසරික අභියෝග කෙරෙහි අවධානය යොමු කරමින් අදාළ සියලුම පාර්ශ්වයන්ගේ දායකත්වය ලබාගෙන පරිසර අමාත්‍යාංශය විසින් 2022 - 2030 කාලසීමාව සඳහා වන ජාතික පාරිසරික ක්‍රියාකාරී සැලැස්ම සකස් කරනු ලැබ ඇත. එකී ක්‍රියාකාරී සැලැස්ම ක්‍රියාත්මක කිරීමටත්, ඒ සඳහා ජාතික මට්ටමින් ප්‍රතිපත්ති තීරණ ගැනීමට හා මෙහෙයවීම පිණිස ජනාධිපති ලේකම්ගේ සභාපතිත්වයෙන් යුතුව ඒකාබද්ධ පරිසර හා සංවර්ධන ප්‍රතිපත්ති පිළිබඳ කමිටුව ස්ථාපිත කිරීමටත් පරිසර අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.