• Increase font size
  • Default font size
  • Decrease font size

2022-12-05 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
ශ්‍රී ලංකා වෛද්‍ය වෘත්තිකයන්ගේ විද්‍යාලය සඳහා ඉඩම් කොටසක් ලබා දීම
- ශ්‍රී ලංකාවේ වෛද්‍ය වෘත්තිකයන්ගේ අධ්‍යාපනය ප්‍රවර්ධනය කිරීම සඳහා 1974 අංක 26 දරන පනතේ විධිවිධාන පරිදි ශ්‍රී ලංකා වෛද්‍ය වෘත්තිකයන්ගේ විද්‍යාලය ස්ථාපිත කර ඇත. එකී විද්‍යාලය සඳහා නව කාර්යාල සංකීර්ණයක් ස්ථාපිත කර පවත්වාගෙන යාම පිණිස ඉඩම් කොටසක් වෙන් කර දෙන ලෙස ඉල්ලීමක් ඉදිරිපත් කර තිබේ. ඒ අනුව, තිඹිරිගස්යාය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයෙහි පිහිටි රජයට අයත් පර්චස් 21.30ක ඉඩම් කොටසක් ශ්‍රී ලංකා වෛද්‍ය වෘත්තිකයන්ගේ විද්‍යාලය වෙත නිදහස් දීමනා පත්‍රයකින් පවරා දීම පිණිස සංචාරක හා ඉඩම් අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.