• Increase font size
  • Default font size
  • Decrease font size

2022-12-05 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
ප්‍රජා සමථ මණ්ඩල සහ විශේෂ ඉඩම් සමථ මණ්ඩල ආශ්‍රිත සමථකරණ කටයුතු අඛණ්ඩව පවත්වාගෙන යාම පිණිස ආසියානු පදනමේ සහාය ලබා ගැනීම
- ශ්‍රී ලංකාවේ සමථකරණ වැඩසටහන ආරම්භයේ සිටම ඒ සඳහා සහාය දක්වන ලද ආසියානු පදනම විසින් ප්‍රජා සමථ මණ්ඩල සහ විශේෂ ඉඩම් සමථ මණ්ඩල ආශ්‍රිත සමථකරණ කටයුතු අඛණ්ඩව පවත්වාගෙන යාම සහ ශක්තිමත් කිරීම සඳහා තවදුරටත් මූල්‍ය සහාය ලබා දීමට එකඟතාව පළ කර තිබේ. ඒ අනුව, එම කාර්යය සඳහා රුපියල් මිලියන 127ක පමණ ප්‍රදානයක් ලබා දීමට ආසියා පදනම එකඟතාව පළ කර ඇත. එකී ප්‍රදානය ලබා ගැනීම සඳහා අවබෝධතා ගිවිසුමකට අත්සන් තැබීම පිණිස අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.