• Increase font size
  • Default font size
  • Decrease font size

2022-12-05 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය අමාත්‍යාංශය සහ ඉන්දියාවේ වෙල්ලෝර්හි ක්‍රිස්තියානි වෛද්‍ය විද්‍යාලය අතර අවබෝධතා ගිවිසුම අත්සන් කිරීම
- රිජ්වේ ආර්යා ළමා රෝහලෙහි ඇටමිදුළු බද්ධ කිරීමේ වැඩසටහනක් 2015 වර්ෂයේදී ආරම්භ කර ඇති අතර ඒ සඳහා අවශ්‍ය කාර්යමණ්ඩලය පුහුණු කිරීම පිණිස 2017 වර්ෂයේදී ඉන්දියාවේ වෙල්ලෝර්හි ක්‍රිස්තියානි වෛද්‍ය විද්‍යාලය සහාය ලබා දී ඇත. මේ වන විට රිජ්වේ ආර්යා ළමා රෝහලෙහි ඇටමිදුළු බද්ධ කිරීම සඳහා අවශ්‍ය මූලික යටිතල පහසුකම් ස්ථාපිත කර තිබෙන අතර එම කාර්යය වඩාත් ඵලදායී අන්දමින් පවත්වාගෙන යාම පිණිස විධිමත් පරිදි උපදේශන හා පුහුණු ක්ෂේත්‍රවල සහයෝගිතාව ලබා දීමට එකී වෛද්‍ය විද්‍යාලය එකඟතාව පළ කර ඇත. ඒ අනුව, සෞඛ්‍ය අමාත්‍යාංශය සහ ඉන්දියාවේ වෙල්ලෝර්හි ක්‍රිස්තියානි වෛද්‍ය විද්‍යාලය අතර අවබෝධතා ගිවිසුමකට අත්සන් තැබීම පිණිස සෞඛ්‍ය අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.