• Increase font size
  • Default font size
  • Decrease font size

2022-11-28 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
ගෝලීය විපර්යාස පිළිබඳ පර්යේෂණ සඳහා වූ ආසියා ශාන්තිකර ජාලය (Asia-Pacific Network for Global Change Research) දකුණු ආසියානු උප කලාපීය කමිටු රැස්වීම හා ව්‍යාපෘති යෝජනා සංවර්ධන පුහුණු වැඩමුළුව පැවැත්වීම
- ගෝලීය විපර්යාස පිළිබඳ පර්යේෂණ සඳහා වූ ආසියා ශාන්තිකර ජාලය යනු ගෝලීය වෙනස්කම් සහ තිරසාරත්වයේ අභියෝගවලට සාර්ථකව මුහුණ දිය හැකි ආසියා ශාන්තිකර කලාපයක් සඳහා කටයුතු කරන රටවල් 22ක සාමාජිකත්වය දරන අන්තර් රාජ්‍ය ජාලයකි. එකී ජාලයෙහි ප්‍රධාන අරමුණ වනුයේ ආසියා ශාන්තිකර කලාපයේ ගෝලීය තිරසර සංවර්ධනය උදෙසා සිදු විය යුතු කලාපීය වෙනස්කම් සඳහා අවශ්‍ය ප්‍රතිපත්ති පාදක පර්යේෂණ සිදු කිරීම හා කලාපීය ධාරිතාව සංවර්ධනය කිරීම වේ. ගෝලීය විපර්යාස පිළිබඳ පර්යේෂණ සඳහා වූ ආසියා ශාන්තිකර ජාලයේ උපකලාපීය කමිටු රැස්වීම හා දකුණු ආසියානු ව්‍යාපෘති යෝජනා සංවර්ධන පුහුණු වැඩමුළුව 2022 11 29 දින සිට 2022 12 01 දින දක්වා කොළඹදී පැවැත්වීම සඳහා ශ්‍රී ලංකා රජය විසින් සත්කාරකත්වය දැක්වීම පිණිස ගනු ලැබ ඇති පියවර සම්බන්ධයෙන් පරිසර අමාත්‍යතුමා ඉදිරිපත් කරන ලද තොරතුරු අමාත්‍ය මණ්ඩලය විසින් සැලකිල්ලට ගන්නා ලදී.