• Increase font size
  • Default font size
  • Decrease font size

2022-11-28 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
2017 අංක 12 දරන විදේශ විනිමය පනතතේ 22 වන වගන්තිය යටතේ නිකුත් කළ නියමයෙහි වලංගු කාලය දීර්ඝ කිරීම
- විදේශ විනිමය වෙළෙඳපොළ මත ඇති විය හැකි සෘණාත්මක බලපෑම සැලකිල්ලට ගනිමින් ඇතැම් ප්‍රාග්ධන ගනුදෙනුවලට අදාළව විදේශ විනිමය මෙරටින් පිටතට ප්‍රේෂණය කිරීම අත්හිටුවීමට/සීමා පැනවීමට විදේශ විනිමය පනතේ විධිවිධාන අනුව වරින්වර නියමයන් නිකුත් කරනු ලැබ ඇත. දැනට නිකුත් කර ඇති නියමයෙහි වලංගු කාලසීමාව 2022 12 29 දිනෙන් අවසන් වේ. එබැවින්, 2017 අංක 12 දරන විදේශ විනිමය පනතතේ 22 වන වගන්තිය යටතේ නිකුත් කරනු ලැබ ඇති නියමයෙහි වලංගු කාලසීමාව 2022 12 30 දින සිට තවත් මාස 6ක කාලසීමාවකට දීර්ඝ කිරීම පිණිස අවශ්‍ය පියවර ගැනීම සඳහා මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍ය වශයෙන් ගරු ජනාධිපතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.