• Increase font size
  • Default font size
  • Decrease font size

2022-11-28 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
දේශීය පාලිත සමාගම් විසින් අමුද්‍රව්‍ය ආනයනය කිරීමේදී සිදු කළ යුතු ගෙවීම් මූල්‍යයනය සඳහා එතෙරින් කෙටි කාලීන විදේශ ව්‍යවහාර මුදල් ණය ලබා ගැනීමට හැකි වන පරිදි 2017 අංක 12 දරන විදේශ විනිමය පනත යටතේ නියෝග නිකුත් කිරීම
- දේශීය පාලිත සමාගම් විසින් දේශීය වෙළෙඳපොළ සඳහා භාණ්ඩ නිෂ්පාදනය කිරීමට අවශ්‍ය අමුද්‍රව්‍ය ආනයනය කිරීමේදී, ශ්‍රී ලංකාවෙන් පිටත සංස්ථාගත කරන ලද එහි මව් සමාගම් හෝ එකම සමාගම් සමූහයේ සමාගම් විසින් ප්‍රේෂණය කරනු ලබන විදේශ විනිමය උපයෝගි කරගෙන ගෙවීම් සිදු කිරීමට පහසුකම් සැලසීම සඳහා 2017 අංක 12 දරන විදේශ විනිමය පනතේ 7(1) වගන්තිය යටතේ නියෝග පැනවීම පිණිස මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍ය වශයෙන් ගරු ජනාධිපතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.