• Increase font size
  • Default font size
  • Decrease font size

2022-11-28 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
1940 අංක 9 දරන පුරාවස්තු ආඥාපනතේ 47(1) වගන්තිය යටතේ රෙගුලාසි පැනවීම
- පුරාවිද්‍යාත්මක වැදගත්කමක් සහිත ස්ථානයකට හෝ දේපළකට නීති විරෝධී අයුරින් හානි කර පුරාවස්තු ආඥාපනත උල්ලංඝණය කරන තැනැත්තෙකුට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට මෙන්ම අනෙකුත් රාජ්‍ය ආයතනවලට හැකියාව පවතී. ඒ අනුව, එම රාජ්‍ය ආයතන විසින් ශ්‍රී ලංකාවේ පුරාවිද්‍යාත්මක ස්ථානයන් රැක ගැනීමට හා අනාගත පරම්පරාව වෙනුවෙන් සංරක්ෂණය කිරීමට දායකත්වය ලබා දෙනු ලබයි. ඒ සඳහා එම ආයතනවල කාර්යමණ්ඩල සාමාජිකයින් තවදුරටත් අභිප්‍රේරණය කිරීමේ අරමුණින් පුරාවස්තු තෑගි අරමුදලින් යම්කිසි දිරි දීමනාවක් ලබා දීමට හැකි වන පරිදි 1940 අංක 9 දරන පුරාවස්තු ආඥාපනතේ විධිවිධාන පරිදි යෝග්‍ය ‍රෙගුලාසි පැනවීම පිණිස අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීම සඳහා බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.